test

Test

Comments

  1. මම මරු බණක් ඇහුවා ඊයේ. අපේ නෑයෙකුගේ තාත්තාගේ දෙවෙනි අවුරුද්දේ මතක බණට ආපු හාමුදුරු කෙනෙකුගෙන්. නෑයා ටිකක් හයි ෆයි පොරක් නිසා වැදගත් කට්ටියත් ඇවිත් හිටියා ඔනරබල්ලා එහෙමත් හැබැයි පිපෙන්න ඔන්න මෙන්න කියලා තියෙන එකේ කට්ටිය. වැදගත් පොරවල් එලියේ හිටපු නිසා මම නොවැදගත් පොරවල් එක්ක ඇතුලට වෙලා සරම එහෙම හදා ගෙන වාඩි වෙලා බණ ඇහුවා.
    හාමුදුරුවෝ ඉස්සෙල්ලාම අපිව පංචසීලයේ පිහිටුවලා තෙරුවන්ට නමස්කාර කරවලා ඉවර වෙලා කියලා දුන්නා ඝරුක, ආචින්න, කටත්තා කර්මය හා ආසන්න කර්ම හා ඒවා විපාක දෙන විදිය. ඒ අනුව කොච්චර පිං කලත් වැඩක් නෑ මැරෙන වෙලාවේ හිතට එන දේ අනුව තමයි ඊලඟට උපදින තැන තීරණය වන්නේ. අච්චර බුද්ධාගමට සේවයක් කරපු අසූහාරදාහක් වෙහෙර විහාර කරවපු ධර්මාශෝක රජ තුමා මරණ මංචකයේ ඉන්න කොට එතුමාට පවන් ගගහා හිටපු සේවිකාවක් අතිං වැරදීමකින් පවන් අත්ත ඇඟේ වැදුනාම තරහ ගිය නිසා මරණින් පස්සේ හිමාල අඩවියේ ලොකු පිඹුරෙක් වෙලා උපන්නා කියලා අනිත් හාමුදුරුවරු කිවුවාට උපන්නේ පිඹුරු හිසක් සහිත ප්‍රේතයෙක් වෙලා කියලා තමයි උන් වහන්සේ කිවුවේ.ඒ ප්‍රේතයාගේ නම කිවුවත් ටිකක් ටියුබ් ලයිට් වේ ගන එන නිසා මට ඒක මතක හිටියේ නෑ. ඊලඟට කොසොල් රජතුමාගේ බිසව මල්ලිකා දේවිය. ඇය නිතරම ජේතවනාරාමයට ගිහින් බුදුන් වහන්සේට කොයි තරම් ඇප උපස්ථාන කරලා තිබුනත් මරණ මංචකයේදී ඇය කලකට ඉහත බල්ලෙක් එක්ක සංවාසයේ යෙදුනු එක මතක් වෙච්ච නිසා නිරයට වැටිලා තාම ඒකේ පැහෙනවාලු. ඒක ඇහුවාම මට සෑහෙන දුකක් ඇති උනා බං. මල්ලිකා දේවිය ගැන නෙවෙයි. කොසොල් රජතුමා ගැන.
    ඊට පස්සේ හාමුදුරුවෝ කියලා දුන්නේ සතර අපාය ගැන. පලවෙනි එක තියෙන්නේ පොලොවේ ඉඳන් යොදුන් 5000 කට යටින්ලු. යොදුනක් කියන්නේ හැතැප්ම 16 හින්දා මම මනෝමයෙන් ගාන හැදුවා. හැතැප්ම අසූදාහයි.ඔය පෘතුවියේ විශ්කම්භයම හැතැප්ම අටදාහයි කියලා විද්‍යාඥ්ඥයෝ කියනවා ඇත්තේ හරියට දැන ගෙන නෙවෙයි කියලායි මට එවෙලේ හිතුනේ. ඒ අපායට වැටුනාම අවුරුදු 500 පැහෙන්න ඕනලු. එහේ දවසක් කියන්නේ අපේ අවුරුදු කෝටියක්ලු. ඒ ගාන නම් මම හදා ගත්තේ එක්ස් එල් ශීට් එකකට දාලා.අවුරුදු කෝටි එක් ලක්ශ අසූදාහයි. ඒ උනත් විද්‍යාඥ්ඥයෝ කියන විදියට පෘතුවියේ වයස අවුරුදු කෝටි පන්සීයයි. ඊලඟ අපාය තියෙන්නේ යොදුන් 15000 ක් යට ඒ වගේම ඒකේත් අවුරුදු 500 ක් පැහෙන්න ඕන. එහේ දවසක් මෙහේ අවුරුදු කෝටි පහයි. මචංලා එක්ස් එල් ශීට් එකට දාලා ගාන හදලා බලන්න.ෆෝන් එකට එම් එස් ඔෆිස් එක ඩවුන්ලෝඩ් කර ගත්තාම ලේසියි.
    ඔය විදියට අනිත් අපායවල් ගැනත් කිවුවා. වෙනසකට තියෙන්නේ ඒවායේ ගැඹුරයි පැහෙන්න තියන කාලයයි විතරයි. මේ අපායවල් වල යම පල්ලෝ අර මැරෙන වෙලාවේ නරක දේවල් මතක් වෙලා ආපු අයට ලෝදිය පොවනවාලු. එතකොටම පැත්තකින් ලොකු දොරක් ඇරෙනවාලු. අර ලෝදිය ඩ්‍රින්ක් එක ගහපු පොරවල් සේරම එලියට යන්න එතෙන්ට දුවන කොටම ඒකෙන් මහා ගිනි කඳක් ඇතුලට එනවාලු. එතකොටම අනිත් පැත්තෙන් තව දොරක් ඇරෙනවාලු. එතෙන්ට දුවන කොට මහා ලෝදිය කඳන් දෙකක් කඩාගෙන වැටෙනවාලු. ඒකට යටවෙලා මැරෙන ඈයෝ ආයිමත් ඒකේම උපදිනවාලු. උපදිනවා නෙවෙයි ඕපපාතිකව ඇති වෙනවාලු.
    මේවා අහලා මට මාර බයක් ඇති උනා ඕයි. මේ දවස් වල දවල්ට තියෙන රස්නෙ උහුල ගන්න බැරුව ඉන්න මට අර ලෝදිය කඳන් වලට යට වෙන්න උනොත් කියලා.මම දැනුවත්ම නම් පව් කරලා නෑ. ඒ උනත් අර මල්ලිකා දේවියට මතක් උනා වගේ එකක් මතක් වෙයිද කියලයි මට බය.කාගේ කාගෙත් කිල්ලෝට වල හුනු පොඩ්ඩක් හරි තියෙනවානේ.
    හාමුදුරුවෝ අර පටිච්ච සමුප්පාදය, චතුරාර්‍ය සත්‍යය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වගේ බුද්ධ ධර්මයේ අරටුව වගේ දේවල් ටච් කලේම නෑ. සමහර විට අර ඔනරබල්ලාට දිරව ගන්න බැරිවෙයි කියලා හිතලා වෙන්න ඇති.හැබැයි උන් වහන්සේ කියපු හුඟාක් දේවල් මට දිරව ගන්න බැරි උනා. කොහොම හරි අන්තිමට දෙමවුපියන්ගෙන් දරුවන්ට විය යුතු හා දරුවන්ගෙන් දෙමව්පියන්ට විය යුතු යුතු කම් ආදියත් කියලා දීලා ගිලන් පස ටිකත් වලඳලා ඉවර උනාට පස්සේ මගේ නෑයා උන් වහන්සේව වාහනයක දාලා ආපහු වැඩම කෙරෙව්වා.

    ReplyDelete

Post a Comment